පාර්ලිමේන්තුව 2022.03.08 වනදා සිට 2022.03.11 දක්වා රැස්වීමට, අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුන බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මතුව ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳවද සාකච්ඡා වූ බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් පසුගිය පාර්ලිමේන්තු සතියේ විවාදයට ලක් වූ, අනුමත ලේඛණයේ නොමැති භාණ්ඩ පාර්ලිමේන්තුව තුළට ගෙන ඒම ඇතුළු පාර්ලිමේන්තු ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බව සභානායකවරයා කියා සිටියේය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත්තේ 2022.03.08 වන අඟහරුවාදා බුද්ධිමය දේපළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටය.
2022.03.09 වන බදාදා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
එමෙන්ම එදින විපක්ෂය විසින් ගෙන එන පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.
2022.03.10 බ්‍රහස්පතින්දා පෙරවරුවේ සේවක වන්දි ආඥාපනත (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එදින සවස්වරුවේ විපක්ෂය විසින් ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගනු ඇත.
2022.03.11 සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එදින ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටද නියමිතය.