බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතින බවයි.
ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සදහා ඇණවුම් ලබා දී ඇති බවත් ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු බවත් එමගින් ඔහු අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව මෙරට ගුවන් සේවාවන් කිසිවිටකත් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට තම අමාත්‍යාංශය පියර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා දැනුම්දෙන්නේ.