ඉන්දු – පකිස්ථාන මතභේද දුරුකර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග රූපවාහිනී විවාදයකට සහභාගීවීමට තමන් සූදානම් බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අද නිවේදනය කලා.
වසර 75 කට ඉහතදී බි්රතාන්යයෙන් නිදහස ලැබූ මෙම රටවල් දෙක අතර වරින්වර මතභේද නිර්මාණය වන අතර අවස්ථා 03 කදී දෙපාර්ශවය අතර යුධමය වාතාවරණ පවා ඇතිවී තිබුණා.
එමෙන්ම ඉන්දියාව තුළ සිදුවූ ඇතැම් ත්‍රස්ත ක්‍රියා සඳහා පකිස්ථානය සෘජුව වගකිව යුතු බවටද ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරනු ලැබුවා.
අගමැතිවරුන් දෙදෙනා අතර මුහුණට මුහුණ විවාදයක් පවත්වා මතභේද තුරන් කරගැනීම ඉන්දු – පකිස්ථාන උප මහද්වීපයේ සිටින බිලියන ගණනක් වන ජනතාවගේ යහපත උදෙසා හේතුවනු ඇති බවයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද සඳහන් කලේ.
