ඉන්දීය විදේශ ලේකම්වරයා අද දිනය තුළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද මුණ ගැසුණා.
දෙරටටම බලපාන ආර්ථික – වාණිජ සබඳතා මෙන්ම හවුල් ව්‍යාපෘති ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කර ඇත්තේ.
හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය විදේශ ලේකම්වරයා හෙට දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
