ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව රජය මගින් අය කරන බදු අනුපාතය පහත හෙළීම මගින් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9 යි ශත 50 කින් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් හතකින් අඩු කරන බවයි එරට මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ.
ඉන්දියාව මෙලෙස ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන ඇත්තේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම අරමුණ ඇතිවයි.
මීට අමතරව වසරකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 12 ක් සඳහා රුපියල් 200 ක සහනාධාරයක් ලබාදීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ පෙට්‍රල් සහ ඩීසල් මිල පහත හෙළීමෙන් ඉන්දීය රජයට රුපියල් ට්‍රිලියනයක පාඩුවක් ද ගෑස් සහනාධාරය හමුවේ ඉන්දීය රුපියල් බිලියන 61 කද පාඩුවක් සිදුවන නමුත් ජනතාවට සහන සැළසීම අරමුණු කරගෙන මෙම පියවර ගන්නා බවයි.