ඉන්දිීය කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.
ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපළෙන් මුම්බායි බලා පිටත්ව ගියා.
දෙරට අතර විස්සයි විස්ස තරඟ තුනක් සහ එක් දින තරඟ තුනකින් පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරග ජනවාරි 03, 05 සහ 07 යන දිනයන් හිදී පැවැත් වෙනු ඇති.
එක් දින තරග ජනවාරි 10, ජනවාරි 12 සහ ජනවාරි 15 දිනවලදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
