ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීමත් සමග අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – ඉන්දියා 02 වන පන්දුවාර 20 තරගය එක් දිනයකින් කල් දමා තිබෙනවා.
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මේ වනවිට හුදකලා කර ඇති බවයි ක්‍රිකට් වාර්තාවල දැක්වෙන්නේ.
ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා මෙලෙස කොවිඩ් ආසාධිත වී ඇති බව සඳහන්.
