හුදකලා කර සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කලේ යුස්වේන්ද්‍ර චහාල් සහ කේ ගෞතම් මෙලෙස ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන කෲනාල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාධිත බවට තහවුරුවීමත් සමග හුදකලා කෙරුණු සෙසු ක්‍රීඩකයන් 08 දෙනා අතරට මොවුන් දෙදෙනාද අයත්.
ශ්‍රී ලංකා සංචාරය නිමවීමත් සමග සෙසු ක්‍රීඩකයන් වහා සිය රට බලා පිටත්ව යන නමුත් කොවිඩ් ආසාධිත ක්‍රීඩකයන් 03 දෙනා සහ හුදකලා කර ඇති අනෙක් ක්‍රීඩකයන් 06 දෙනාට තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවනවා.
එම ක්‍රීඩකයන් වන්නේ කෲනාල් පාණ්ඩ්‍යාගේ සහෝදරයා වන හාර්දික් පාණ්ඩ්‍යා / ප්‍රිතිවි ශා / සූර්යකුමාර් යාදෙව් / මනීෂ් පාණ්ඩේ / දීපක් චහාර් සහ ඉශාන් කිශාන්.
