කොවිඩ් වසංගතය පාලනයට තවත් එන්නතක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනය තීරණය කර තිබෙනවා.
කොවොවැක්ස් ලෙස නම් තබා ඇති එහි අත්හදාබැලීම් ලබන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කෙරෙන බවයි සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආදර් පූනාවල්ලා සඳහන් කලේ.
ඒ අනුව වැඩිහිටියන්ට සහ ළමුන්ට ලබන වසරේ සිට මෙම එන්නත ලබාදීමට අපේක්ෂිතයි.
කොවිෂීල්ඩ් එන්නත නිපදවනු ලබන්නේද සීරම් ආයතනයේ වන අතර එහි මාස කිහිපයකට පෙර හටගත් ගින්නක් හමුවේ නිෂ්පාදන කටයුතු අඩාල වුණා.
මෙලෙස නිපදවනු ලබන කොවොවැක්ස් එන්නතද මාත්‍රා 02 කින් සමන්විතයි.
