ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන උත්තර්කාන්ද් සහ නේපාලයේ කොටසකට බලපෑ දරුණු ජල ගැලීම් තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
නිවාස ඇතුලු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
උත්තර්කාන්ද් ප්‍රාන්තයේ පාසල් සහ සියලු ආගමික සිද්ධස්ථාන වසා දමා තිබෙනවා.
මේ අතර දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් හමුවේ වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බවද ඉන්දීය වාර්තා සඳහන් කලා.
