බේකරි හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබද සාකච්ජා කිරීම සඳහා ගරු වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංගමය අතර හමුවක් අද දින (23) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්විණ.
බේකරි නිෂ්පාදන සඳහා මූලික අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන මාගරින්, පාම් ඔයිල් සහ පාන් පිටි ඇතුළු අනෙකුත් නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසති.
ඒ හේතුවෙන් බොහෝමයක් බේකරි නිෂ්පාදන අලෙවිසැල් වැසී යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඔවුහු සඳහන් කරන ලදී. විශේෂයෙන් මාගරින් ආනයනය කිරීමේදී ගෙවිය යුතු තීරු බදු ඉහළ තත්ත්වයක පවතින බවද ඔවුන් සඳහන් කරන ලදී.
පවතින ආර්ථික අර්බුදය හමුවේ බේකරි නිෂ්පාදන මෙන්ම තවත් බොහෝමයක් ව්‍යාපාරයන් දැඩි අසීරුතාවයට ලක්වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඉන්දියානු මූල්‍ය ණය ආධාර ක්‍රමය යටතේ ඉන්දියාවෙන් මාගරින් ප්‍රමාණයක් ආනයනය කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට පියවර ගන්නා බව සඳහන් කරන ලදී.
ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා මාගරින් ආනයන මිල ගණන් සහ ආනයන කිරීමට අවශ්‍ය ප්‍රමාණයන් පිළිබදව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා සංගමයෙන් ඉල්ලා සිටින ලදී.
