සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ප්‍රමුඛ පුවත්

ඉදිරි මාස 06 අමාරු කාලයක් : ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හොද හෝ නරක වුවත්, කවුරුන් කැමති හෝ අකමැති වුවත් රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

Sudari Silva by Sudari Silva
6 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඉදිරි මාස 06 අමාරු කාලයක් : ජනපති
0
SHARES
28
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි. ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානය යොමු කළයුතුයි.

– ජනපති

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ  ආරාධිත දේශනය සිදු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය  (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර අද සහ හෙට එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මුලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතුයි. දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීමයි. මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර,  පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි.

රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුලදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා.

රට මුලින්ම විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු වෙනවා.

අපට විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පරමාණු බලශක්තිය භාවිතය වැනි ක්ෂේත්‍ර පිළිබඳ සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතිය යුතුය. රටේ ආර්ථිකය වර්ධනය නොකොට රටේ අනාගතය ප්‍රතිසංවිධානය කළ නොහැකියි.

වර්තමානයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමයි. 1997 ආසියානු මුල්‍ය අර්බුද අවස්ථාවේදී සහ 1997 තායි ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවන්ගෙන් යලි නැගී සිටීමට ඔවුන්ට මග පෙන්නුවා.

මම පසුගියදා මහා නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී ස්වාමින්වහන්සේලාද විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් ජනතාවට සහන සැලසීමට එකග වුණා. ඇති- නැති පුද්ගලයන් අතර පරතරය පසුගිය කාලයේදී වර්ධනය වී තිබෙනවා. කොවිඩ් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අඩපනවී තිබෙනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කළ යුතුයි. පළමුව ආර්ථික ස්ථායිතාව ඇති කළ යුතු අතර දෙවනුව ඒ තුළින් සමාජ ස්ථායීභාවය ඇති කළ හැකියි.

කෘෂිකර්මාන්තය හා ධීවර ක්ෂේත්‍රය නවීකරණය, නිෂ්පාදනයේදී නව තාක්ෂණය යොදා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, කාන්තාවන් මුහුණ දෙන ගැටලු, ජනතාවගේ නිවාස අවශ්‍යතා, ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාව වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

ඉහළ වේතන ලබන, ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇති තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. වර්ධනය වන විශාල වෙළෙඳපොළක් සහිත ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා ගොඩනගාගත යුතු වෙනවා. වත්මන් ලෝක ආර්ථික තත්ත්වය කිසිදු රටකට හිතකර වන්නේ නැහැ.

තායිලන්තයේ හිටපු බැංකු ප්‍රධානී ආචාර්ය Veerathai Santiprubhop මහතා  ද  මෙහිදී අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පෙන්වන තරම් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අර්බුදයක් දක්නට නොමැති බවයි.

තායිලන්ත ආර්ථික අර්බුදයෙන් යළි නැගි සිටීමට රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය, වඩාත් දුෂ්කරතාවන්ට ලක්වන පුද්ගලයන් ආරක්ෂා කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ, බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය ඇති කිරීම, කැබිනට් මණ්ඩලයට ආර්ථික විශේෂඥයන් ඇතුලත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම, අවශ්‍ය නීති සංශෝධනය, විදේශ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීම ආදී පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත දිසානායක මහත්වරු සහ ඇඩ්වකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee මහතා ඇතුළු නියෝජිතයන් මීට එක්ව සිටියහ.

 

Sudari Silva
Sudari Silva
Tags: IMFRANIL WICKREMESINGHEජනාධිපති රනිල් වික්‍රමසිංහජාත්‍යන්තර  මූල්‍ය අරමුදල
Previous Post

මෙම සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදී විදුලිය කප්පාදුවක් නෑ

Next Post

අපේ යෝජනාව අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක්

Sudari Silva

Sudari Silva

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිගෙන් අමුතු ප්‍රකාශයක්

අපේ යෝජනාව අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In