ඉදිරි මාස තුනක කාලයේදී රට තුළ සැළකිය යුතු ඖෂධ වර්ග කිහිපයකම හිගයක් ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනතුරු අගවනවා.
අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ණයවර ලිපි විවෘත කිරීමේදී සිදුවූ ප්‍රමාදය හේතුවෙන් ඊට අදාළ ඖෂධ මෙරටට පැමිණීමේදී යම් ප්‍රමාදයක් ඇති වනු බවයි.
කෙසේ නමුත් එයින් සිදුවන බලපෑම අවම කර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි චන්න ජයසුමන මහතා සදහන් කළේ.