දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36ක කාලය තුළ මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර – සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ත් පමණ වන අතර විටින් විට එම සුළං තත්වය පැයට කිලෝමීටර 60 දක්වාද වැඩි විය හැකි බව කාළගුණ නිවේදනයේ සදහන්.