මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය දැනුම්දී තිබේ.
ඒ අනුව ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව ඇත.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවකින් තොරව යෑම සඳහා ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කිරීම සදඟා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නිකුත් කරන ලෙස ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට අනුව මෙම එකඟතාව පළකළ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.
