කොරෝනා තත්වය පිළිබද රජය දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී භයානක තත්වයක් නිර්මාණය විය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අනතුරු අගවනවා.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රෝහල්වල කොරෝනා දැඩි සත්කාරක ඒකක අතරින් බහුතරයක් මේ වන විට රෝගීන්ගෙන් පිරී ඇති බවයි.
පවතින කොරෝනා අවදානම හමුවේ රාජ්‍ය සේවකයන් යළි සේවයට කැදවීමට ගත් පියවර වැරදි තීරණයක් බවද රාජිත සේනාරත්න මහතා චෝදනා කළා.