රට තූල දැඩි සංචරණ සීමා පැණවීමක් නොකළහොත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද විශාල වශයෙන් කොරෝනා ආසාධිතයන් බවට පත්ව ඇති බවයි.
ඉදිරියේදී කොරෝනා මරණ හා රෝගීන් ඉහල යාමේ හැකියාවක් පවතින බවද ඔහු අවදාරණය කළා.
පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු සංඛ්‍යාව අවම විම මෙරට කොරෝනා මරණ ඉහල යාමට හේතුවක් බවද උපුල් රෝහණ මහතා කියා සිටියා.
