තලේබාන් සටන්කාමීන් විසින් කාබුල් අගනුවර බලය තහවුරු කර ගැනීමත් සමග ඇෆ්ඝනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ටජිකිස්ථානයට පළාගොස් තිබෙනවා.
සන්නද්ධ සටන්කාමීන් විසින් කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයද අත්පත් කරගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.
රජය සහ තලේබාන් සංවිධානය අතර බලය බෙදා ගැනීමේ එකගතාවයකට එළැඹීමට නියමිතව තිබියදීයි ජනාධිපතිවරයා විසින් පළාගොස් ඇත්තේ.
කාබුල් ගුවන් තොටුපළ ඇතුලු ස්ථාන රැසක ඊයේ රාත්‍රියේදීත් පිපිරීම් සිදුවී තිබුණා.
