ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයාගේ නිවසට සටන්කාමීන් විසින් එල්ල කල සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.
කෙසේවෙතත් එම අවස්ථාවේ අමාත්‍යවරයා නිවස තුළ සිට නොමැති බවද ඔහුගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇති බවද එරට වාර්තාවල සඳහන්.
සටන්කාමීන් විසින් පළමුවෙන් මෝටර් රථ බෝම්බයක් පුපුරුවා හැර ඇති අතර අනතුරුව වෙඩි ප්‍රහාර මාලාවක් එල්ලකර තිබුණා.
මෙහිදී 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඇෆ්ඝන් වාර්තා කියාසිටියේ.
