ඇෆ්ගනිස්ථානයේ සිටින සමස්ථ ශ්‍රී ලාංකිකයින් 86 දෙනා අතුරින්, 46 දෙනෙකු මේ වන විට එරටින් ඉවත් කර ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසනවා.
අද වනවිට තවත් පුද්ගලයින් 20 දෙනෙකු ඇෆ්ගනිස්ථානයෙන් පිටතට පැමි”මට අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් ඉවත් කර ගැනීම සඳහාද කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කලේ.
මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේම රැඳී සිටීම සඳහා සිය කැමැත්ත පළ කර තිබෙනවා.
මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින අනෙක් ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස රජය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
රටේ නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් නිවේදනයක් නිතුත් කරමින් ශ්‍රී ලංකා රජය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරනවා.
සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.