සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 02 සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි.
දිගු කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ද එම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම ප්‍රවීන ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ද සංචිතයට නම් අක්ර් ඇත.
ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය :
දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය සිල්වා, සදිර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, වනිදු හසරංග, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ.
මේ අතර ආබාධයන්ට ලක්වූ වනිදු හසරංග මේ වන විට පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පුනුරුත්ථාපනය වෙමින් සිටින අතර ඔහුගේ ශාරීරක යෝග්‍යතාවය අනුව ඉදිරියේදී කණ්ඩායමට කැඳවිම සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.