ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා හත්ලක්ෂ විසි අටදහස් හාරසිය හැටක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 455 ගුවන් යානයයි පස්වරු 04 යි 30 ට පමණ මෙලෙස පැමිණ ඇත්තේ.
ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවූ මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලූ පිරිසක් එක්ව සිටි බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබෙනවා.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස මෙම එන්නත් පළමුවෙන් ලබාදීමට නියමිතයි.
ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබෙනවා.
මෙරට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කරමින් පසුගිය ජනවාරි මාසයේදී පළමුවෙන් ලබාදීම ආරම්භ වූයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.
එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 09 ලක්ෂ 25 දහස් 242 දෙදෙනෙකුට ලබාදී තිබෙනවා.
එහි දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ පුද්ගලයින් 03 ලක්ෂ 85 දහස් 885 දෙනෙකුට පමණයි.
ඒ අනුව තවත් පුද්ගලයින් 05 ලක්ෂ 39 දහස් 357 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිය යුතු වනවා.