මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කරන අවස්ථාවේ දළදා මාලිගා පරිශ්රයට අයත් නාථ දේවාල භූමියේ නවතා තිබූ එම දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හීන්කෙන්ද මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ මෝටර් රථයට ඇසිඩ් ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
රථයේ ස්ථාන ගණනාවක් පිළිස්සී ගොස් ඇති අතර ඒ ආසන්නයේ නවතා තිබූ බස්නායක නිළමේවරයාගේ වාහනයටද ඉන් සුලු හානි සිදුවී ඇතැයි සඳහන්.
මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් නගරයට යොදා තිබියදී විශේෂ ආරක්ෂක කළාපයක් ලෙස නම්කර ඇති දළදා මාලිගා පරිශ්රයට ඇසිඩ් ගෙන ආවේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දේවාළ භූමියේ ඇති සී.සී.ටී.වී දත්ත පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
