ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීම අද සිට ආරම්භ වනවා.
පෙරහැර නැරඹීමට යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉහල නැංවීම වෙනුවෙයි එය සිදු කෙරන්නේ.
අද සිට අගෝස්තු 12 වැනිදා මෙම විශේෂ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි.
මෙහි පලමු දුම්රිය අද පෙරවරු 9.50 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර පස්වරු 01.10 ට එය මහනුවරට ලගා වනු ඇති.