ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළ රුපියල් ලක්ෂ 355 ක අල්ලස් නඩුවෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතායි නියෝගය ලබාදුන්නේ.
අල්ලස් කොමිසම විසින් ඔවුන්ට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
ඒ අනුවයි චූදිතයන් දෙදෙනා නිදහස් කිරීමට අධිකරණය නියම කර ඇත්තේ.
