අමරිකාවේ කැළිෆෝනියා ප්රාන්නයේ සැන්දියේගෝ නගරයේ සත්ව උද්‍යානයක පිරිමි හිම දිවියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
අදාළ සත්වයාගේ මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම්කර ඇති බැවින් එහිදී සිදුකළ පරීක්ෂණ දෙකකදියි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.
පසුගිය ජනවාරි මාසයේදී මෙම සත්වෝත්ද්යානයේම ගෝරිල්ලා සතුන් 08 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබුණා.
එහිදී සත්වෝද්‍යානයේ සතුන් කිහිපයකටම කොරෝනා මර්ධන එන්නත්කරණය සිදුකර ඇති නමුත් මෙම හිම දිවියාට එන්නත්කරණය සිදුකර නොමැති බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.