වත්මන් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කර තිබෙනවා.
වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයෙන් බවට පෙන්වා දෙමින් ගොණුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද දින කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළ බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
ඉංජිනේරුවෙකු වන කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොණුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබුවේ විජිත් මලල්ගොඩ – යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සම සළකා බැලීම සඳහා ලබන ජනවාරි 27 යළි කැඳවීමට නියමිතයි.