ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් ගණනාවක් එක් වී මේ මොහොතේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මාධ්‍ය හමුවක් පවත්වනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා ඊයේ අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ාඅන්ඩු පාර්ශවයේ ප්‍රබලයින් ගණනාවක් එක් වී සිටියා.
එහි දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කිය සිටියේ, තමා නැවතත් සිය අමාතයංශයේ වැඩ කටයුතු සොයා නො බලන බව යි.
කෙසේ වෙතත් ඔහු තනතුරෙන් ඉල්ලා අස් වෙන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළේ නෑ.
මෙහි දී අදහස් දැක් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ, නැවත තනතුරු වරප්‍රසාද හෝ වරදාන වෙනුවෙන් ගත් පියවර පසු පසට නො තබන බව යි.