මෙරට තැපැල් සේවය නවීකරණය කිරීම සදහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ වෙනුවෙන් මූලිකවම කල යුත්තේ ජනතාවගේ විශ්වාසය රාජ්‍ය තැපැල් සේවය කෙරෙහි ඇති කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
ඊයේ පැවති විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් සිය අමාත්‍යාංශ පිළිබද සිදුකල පාපොච්චාරණයක් අතරතුර කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.