නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය අද ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි.
එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.