නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාලව තවත් පුද්ගලයින් 737 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළදියි.
එම කාල සිමාව තුල පොලිස් භාරයට ගැනුනු වාහන සංඛ්‍යාව 92 ක්.
මේ අනුව නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සංඛ්‍යාව 70 දහස් 694 ක්.
මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන වාහන 609 ක් හා පුද්ගලයින් 978 ක් මෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 727 ක් හා වාහන 448 ක් ඊයේ දිනය තුළ පොලිස් පරීක්ෂාවට ලක්කර තිබුනා.
නියමිත අවසරය නොමැතිවීම හමුවේ පුද්ගලයන් 306 ක් හා වාහන 193 ක් ආපසු හරවා යවා තිබෙනවා.