නිරෝධායන ඇදිරිනීතිය බලාත්මක කාලසීමාවේදී මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට රජය ලබාදුන් අවසරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කරනවා.
ජනතාව මත්පැන් හල් අසල ඒක්රැස් වීම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල බලපෑමක් එල්ල කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ කිසිදු ආකාරයක අත්‍යවශ්‍ය සේවාවක් නොවන මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිම තුල සිල්ලර භාණ්ඩ අලෙවිසැල් හිමියන්ටද ආණ්ඩුව විශාල අසාධාරණයක්ද සිදුකර ඇති බවයි.