දුම්රිය ගාස්තු සියයට සියයකින් ඉහල නැංවීම පිළිබද විරෝධතාවයක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුමේද සෝමරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියෙ ඇතැම් දුම්රිය ප්‍රවේශපත්‍ර කාණ්ඩ සියයට සියය නොව සියයට දෙසියක් වැනි ඉහල මිළකින් වැඩි වන අතර එය අනුමත නොකරන බවයි.
මෙවැනි විශාල අගයකින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිළ ඉහල ගියහොත් මගීන් දුම්රයෙන් ඈත්වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.