රට තුළ පවතින ආහාර හිගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් අද පැවැත්වුණා.
ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වන බවවි අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ.
එවිට නිලධාරීන් දැනුම් දුන්නේ බැංකු විසින් ඩොලර් නිකුත් කළහොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකි වන බවයි.
කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත, නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කලා.
යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිගු සහ පොහොර හිගයකට මුහුණ පා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
හිගය වැඩි වන විට, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇති බව ඔහු පැහැදිලි කලා.