බලයට පැමිණීම සඳහා පොහොර සහනාධාරය පිළිබඳ බලාපොරොත්තු දෙමින් වත්මන් ආණ්ඩුව ගොවිජනතාව රැවටීමට ලක්කළ බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
අද (26) පාර්ලිමේන්තුවේ පැවති, 2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදීයි ඔහු මේ බව කියා සිටියේ.
ලෝකයේ ආහාර සුරක්ෂිතතාව ඉහළ මට්ටමක ඇති රටවල් අතරින් 2019 වසරේදී 66 ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අදවනවිට 77 ස්ථානය දක්වා පහළ වැටී ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විවාදයේදී පෙන්වා දුන්නා.
වත්මන් ආණ්ඩුව ඊට වගකිවයුතු බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.
කෘෂිකර්ම අමාත්‍යංශය – වාරිමාර්ග අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශ 5ක වැය ශීර්ෂ අද දිනයේදී විවාදයට ගත් අතර එම වැය ශීර්ෂ සංශෝධන සහිතව සහ රහිතව සම්මත වුණා.