රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් අවිද්‍යාත්මක තීරණය හේතුවෙන් අදවනවිට ක්ෂේත්‍ර ගණනාවක බරපතල අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වගාව සම්පූර්ණයෙන් කාබනික පොහොර මත පමණක් සිදුකිරීම ඉදිරියේදී රටතුළ ආහාර හිගයක් ඇතිවීමේ පෙරනිමිත්තක් බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.
ස්ථාවර නියෝග 27 – 2 යටතේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකායක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළා.
විපක්ෂනායකවරයාගේ ප්‍රකාශයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිතුරු ලබාදුන්නා.
එහිදී ඔහු අවධාරණය කළේ රටේ ආහාර සුරක්ෂිතභාවයට හෝ ගොවියාට හානිවන ආකාරයේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවයි.