කරවල ඇතුලු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා අලුතින් බදු පැණවීමක් සිදුකර ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසනවා.
සිදුකර ඇත්තේ පැවති බදුවල වලංගු කාලය දීර්ඝ කිරීමක් පමණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කලේ.
හාල්මැස්සන් / කරවල / උළු හාල් ඇට / කුරක්කන් පිටි / අබ ඇට / ලූණු සහ බටර් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙලෙස දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව කරවල හා හාල්මැස්සන් සඳහා පැවති බද්ද අගොස්තු 11 වනදායින් අවසන්වීමටයි නියමිත වූයේ.
එය 12 වනදා සිට දීර්ඝ කර ඇති අතර සැප්තැම්බර් 30 වනදායින් අවසන්වීමට නියමිත වූ අනෙක් ආහාර සඳහා වන බදු ද අඛණ්ඩව පවත්වාගෙන යාම මිස අලුතින් බදු පැණවීමක් සිදුවී නොමැති බවයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරන්නේ.
