කොවිඩ්19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එවැනි අපේක්ෂයින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා.
එවැනි විභාග අපේක්ෂකයින් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතුයි.
එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිමට අවශ්‍ය සියලූම පහසුකම් සංවිධාන කර ඇති බව ද විභාග කොමිසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
සියලූම ආසාදිත විභාග අපේක්ෂයින්ට මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල හැර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බවයි විභාග කොමසාරිස්වරයා දන්වා සිටින්නේ.
විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇති විශේෂ විභාග කාමරයේ දී විභාගයට පෙනී සිටිය යුතු වනවා.
අදාළ අපේක්ෂකයන් ඔවුන් නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටිනවා.
