රට මුහුණ දී ඇති සර්ව ආර්ථික අර්බුදයට විසදුම කුමක්දැයි මේ දක්වා හෙළි කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පවසනවා.
විපක්ෂය ප්‍රශ්ණ කරන සෑම අවස්ථාවකදීම ආර්ථික අර්බුදය විසදීමට විකල්ප ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළත් අදවනවිට බඩුමිල දිනෙන් දින ඉහළයාම ඇතුලු අර්බුද රැසකට ජනතාව මුහුණ දී ඇති බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.
විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පළ කළා.
මෙරට ඉතිහාසයේ පළමුවරට විදෙස් සංචිත ප්‍රමාණය අවම මට්ටමකට පත්ව ඇති බවත් ආනයන කටයුතු සදහා විදෙස් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් මාසයයි දින කිහිපයකට පමණක් බවත් හර්ෂද සිල්වා මහතා මෙහිදී අනාවරණ කළා.