ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් ඊයේ (10) දින සිට පත් කර සිටිති.
ඒ අනුව මෙතෙක් එම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ
- ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
- මහජන ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
- මුදල් අමාත්‍යාංශය – කේ.එම්. මහින්ද සිරිවර්ධන
යන මහත්වරුන් නැවත එම ධුර සඳහා පත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-05-11