කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දින 14 ක නිවාස නිරෝධායනයට යොමුවී තිබෙනවා.
ඒ සිය ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු C19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම හමුවේ ඔවුන්ගේ ආශ්‍රිතයෙකු බවට පත්වීම හේතුවෙනුයි.
කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලය විෂබීජහරණයට පියවර ගෙන ඇති අතර දින 14 ක් එම අංශය ද වසා දමා තිබෙනවා.
කෙසේවෙතත් අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණිමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරගන්නා ලෙසයි අමාත්‍යවරයා දන්වා සිටින්නේ.
