රජය ගනු ලැබූ තීරණයකට අනුව ඇණවුම් කළ ආනයනික සහල් තොගයේ පළමු කොටස හෙට (10) දිනයේදී කොළඹ වරායට ළගාවීමට නියමිත බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එම සහල් තොගය සතොස සහ සුපිරි වෙළදසැල් ජාය හරහා කිලෝවක් රුපියල් 100 ට අඩු මිලකට මහජනතාව වෙත අලෙවි කරන බවයි මහනුවර හාරගම ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර ඉදිරි කාළය තුල තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා.