ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දෙයි.
මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.
ඒ අනුව අර්තාපල් ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
දේශීය අර්තාපල් අස්වැන්න නෙළන හැම අවස්ථාවකම සෑම රජයක් විසින්ම අර්තාපල් ආනයනය කිරීම නිසා දේශීය අර්තාපල් වගාව අත් හැර දමන තත්ත්වයට එම ගොවීන් පත් විය. විශාල මුදලක් ආයෝජනය කරමින් මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් බවත්, එම නිසා මෙම ලිපිය යැවුව ද මෙතෙක් මුදල්අමාත්‍යාංශයේ නිලධාරින් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැත.
හෙට දින (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ බීජ අර්තාපල් වගාවේ අස්වනු නෙලීම ඊයේ (11) ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව ඉහළ නැංවීම සදහා අවශ්‍ය බීජ අර්තාපල් නිෂ්පාදනය නඟා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය අල ගෙඩි මිලියන 09ක් දක්වා ඉහළ නැංවීම ඉළක්කයයි. දැනට බොරලන්ද ප්‍රදේශයේ අක්කර සියයක පමණ බීජ අර්තාපල් වගාව සිදු කෙරෙන අතර මේ සඳහා එම ප්‍රදේශයේ තවත් ඉඩම් හදුනාගෙන බීජ අර්තාපල් වගාව පුළුල් කිරීමට ගොවීන් උනන්දු කරවන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
කෘෂි අංශ නවීකරන ව්‍යාපෘතිය විසින් බීජ අර්තාපල් වගාවට අවශ්‍ය නවීන තාක්ෂණය, ජල සැපයුම් පද්ධති, මෙන්ම පාංශු ආවරණ හා වගාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපකරණ ද බීජ අර්තාපල් ද නොමිලයේ සපයයි. ගොවින් විසින් තම ශ්‍රමය වැය කර වගාව සිදු කරන අතර බීජ අර්තාපල් මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් අදාල ව්‍යාපෘතිය විසින් සිදු කරයි.
