සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලූ හා අපේක්ෂිත වැඩපිළිවෙල සමග කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යා යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ.
ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ රාජපක්ෂ මහතා මේ බව සඳහන් කලා.
ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලූ නිළධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කලා.
වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පිරවීම තහනම් කර නොමැති අතර අවශ්‍යම අය බඳවාගන්නා ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දී ඇත්තේ.
පානදුර නගරය ජලයෙන් යටවීම පාලනයට කිසියම් ව්‍යාපෘතියක් මේ දක්වා සැළසුම් කර නොමැතිවීම ගැන අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කලා.
අනාගතයේ පානදුර නගරය ජලයෙන් යට නොවන ලෙස ව්‍යාපෘතියක් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දී ඇත්තේ.
