2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ රජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණය සදහා ගෙවන පොලිය කොපමණ ප්‍රතිශතයකින් පවතී දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඒ අනුව රජයේ අදායම්වලට සාපේක්ෂව ඉහළ ණය පොලී ප්‍රතිශතයක් ගෙවීම් සිදුකරන වෙනත් රටක් තිබේදැයි ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවෙන් විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේ රජයේ අදායමට සාපේකෂ්ව රජයේ පොලී සදහා වැඩිම මුදලක් ගෙවනු ලබන රට ලෙස 2020 වසරේදී ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.
මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර මිලදී ගැනීමට ඉන්දියානු රජය මගින් ලබා දුන් ණය මුදලේ ඉතිරි ප්‍රමාණයෙන් යකඩ වානේ ආනනයන කිරීමට සැලසුම් කර ඇති බවට පැතිරෙන ප්‍රකාශ සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා අද මෙලෙස ප්‍රශ්න කළා.
එම ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බවයි අලි සබ්රි මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ.