ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.
පස්වරු හයට කොටුව ජනාධිපති මන්දිරයේ දී එය ආරම්භ වනු ඇති.
පොහොර ප්‍රශ්නය, ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ, අයවැය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කලා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූම මැති ඇමතිවරුන්ට මේ සඳහා සහභාගී වන ලෙස ආරාධනා කර තිබෙනවා.