ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය වළක්වාගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම හමුවේ එම වැරුද්ද ගුරුවරුන් මත යෙදවීමට ආණ්ඩුව උත්සහ කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරනවා.
ඊයේ පැවති ගුරු උද්ඝෝෂණයේදි අත්අඩංගුවට ගත් ගුරුවරු 44 දෙනා මේ වන තෙක් උසාවියට කැදවා නොමැති බවද අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විජිත හේරත් මහතා සදහන් කළා.
මේ අතර ඊයේ පැවති උද්ඝෝෂණයේදී ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් සමගිජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළකළා.