ආණ්ඩුව වහාම පාලන බලයෙන් ඉවත් වී භාරකාර බුද්ධි මණ්ඩල පාලනයකට අවස්ථාව ලබාදිය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.
පවතින පාලනය තවදුරටත් පැවතියහොත් රටපුරා විශාල කැරැල්ලක් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
චම්පික රණවක මහතා මේ බව කියා සිටියේ මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීම සදහා අද මහනුවරට පැමිණි අවස්ථාවේදීයි.
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්ත මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ / උදය ගම්මන්පිළ සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ගේ ඉදිරි දේශපාලනය අනාගතය සම්බන්ධයෙන්ද පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් පළ කලා.
