රටේ දේශපාලඥයින්ගේ ප්‍රතිපත්ති විරහිත දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුදායක හැගීමක් බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
අද වනවිට සියලූ දේ මුදල් වලට විකිණෙන තත්වයක් උදා වී ඇති බවයි ඔහු කියා සිටියේ.
අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කලා. වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය දිනෙන් දින පලූදු වන තත්වයක් උදා වී ඇති බවද විදුර වික්‍රමනායක මහතා එහිදී කියා සිටියා.