රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය කිසිඳු පෙර සූදානමකින් තොරව ගත් තීරණයක් බව රජය අදවනවිට ඔප්පුකර අවසන් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ කෘෂි රසායන භාවිතයට යලි අවසරදීමට රජය තීරණය කළද පසුගිය මාස කිහිපයේදී මෙරට වගාබිම්වලට සිදුවූ හානිය යථා තත්වයට පත්කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි.
කෘෂි රසායන ආනයනය කිරීමට යලි අවසර දීමට රගය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු නාමල් කරුණාරත්න මහතා මේ බව සදහන් කළා.
කෘෂි රසායන තහනම් කිරීමේ තීරණය හේතුවෙන් පසුගිය මාස කිහිපයේ ගොවීන්ට සිදුවූ හානිය වෙනුවෙන් රජය වන්දි ලබා දිය යුතු බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළා.
එලෙස වන්දි ගෙවිය යුත්තේ මහජන බදු මුදලින් නොවන බවත් තීරණ ගත් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික මුදල්වලින් එය ගෙවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කලා.